[Manasick]
පිලිගන්නවා රියන් හය හතරට ගත පස් අතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට
ගුණ වර්ණනාව කරයි බොලා බෝනා මළ දවසට
කියයි කට්ටියක් බැහැ නැහැ ලේසී
දෙනවනම් ඕනෙ බරක් නිදිකිරයි කේජී
කොල්ලො වටවෙලා බරටම ඕමී
ගහයි සීරුවන් හූ තියයි කියයි කවි පේලී
ඉන්නකන් කෑවෙ ලෙවකාගෙන බත් හට්ටි
හත් දවසෙ දානෙට පලතුරු වට්ටි
පුරවන් මුට්ටි
කෑම කයි මෙහෙ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි
යන්නෙ කර උඩින් හයකගෙ හතකගෙ
ඉන්නකන් පෑගුවෙ හැතිකරෙ නැතිකරෙ
හොයාගනුන් පාලුවට උඹ වෙන මගුලක්
මේක මගෙ මළගම එපා බල්ලෙකුවත්
මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළගෙදරම කරයි මලකෝලම්
[Loco]
මං මළ දවසක
ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන් මාසෙ දානෙ වෙනකොට මම පස් වේ
මම දුන්න පොලිතින් මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනියෙන් තට්ට
ගමෙ ගෑනුන්ගෙ ගුණ වැනුම්නම් පට්ට
වචන දරුණු වෙන ප්රවේශම් කාලෙ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ
මැලවුනු මල් වඩම්
බැනර් වල මල් වදන්
කලුවරෙ මඩු පිටිපස්සෙ කොල්ලො ගල් පදම්
මට බැන්න කටින්ම මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට පින් අනුමෝදන
කවුද උස්සන් යන්නෙ මාව ගහපන් මළ බෙර
සමුගනියි සාදෙ බලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන් මිනිය කරන්න මුර
කරමතින් නෙමේ ආවෙ ජීවිතෙ මේ දුර
මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් යයි කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළගෙදරම කරයි මලකෝලම්
මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළගෙදරම කරයි මලකෝලම් //
Lyrics - Hasanka Wickramarathna (MANASICK) X Hiyum harshana Rattambige
0 Comments