[Minol]
සුදු කලිසමකට ආඩම්බර දැනිලා,
මගෙ ඇඟෙ හැප්පිලා යන පොඩි උන් මතක් කලා කාලයක්
බස් රථයක බර කල්පනාවෙ වැටිලා,
මං ඇහැරුන තැන ධනවාදියෙක් විකුණනවා පෑන්
ඇයි මොකද මල්ලි, නැද්ද ඉගෙනගන්න සල්ලි?
තියෙනවා ඒත් නිදහස් අධ්‍යාපනයට ඕනෙ වන්දි
මාක්ස්වාදි චේ ගුවේරා රැඩිකල් අපි පාර දන්නෙ
උබෙ අම්මට උකස් තියපු මාලෙ සල්ලි
කාලකණ්ණි!
නිකන් බොරු බල හොරු කඩ කියන් පොර කන වෙලාවට
අපිට සැපද හිතපන් වැඩට යන වෙලාවෙම
කඳුළු ගෑස් නැතුව ඇඬෙන උබෙ අම්මට තාත්තට
අධ්‍යාපනෙ උබෙ අතේ අනාගතේ සමාජෙට
උබට තේරුමක් නැතත්, හේතුවක් ඇතත් ගත්තෙ පෑනක්
හිත හිත මම ලියනවා උබෙන් ගත්ත පෑනත් ඉවරයි වගේ
කැඩි කැඩි යන්නෙ..
ෂික්!
එහෙමත් නැත්තන්,
මේ පෑනත් උබෙ ඔලුවට හිස් කබලත් හාරන්
ඒත් ඔලුවක් නැත්තන්? මේ මොනවද අම්මේ?
[Hiyum]
මේක හන්තානෙ කථාව
සිත සර්පයින්ගෙ විමාන
ප්රොටෝකුරුස්ගෙ රටාව
වෙද නලාව කලාව
වෙනස් කලාද කවදාවත්
උපතින් ආ ඒ සතාව
සරසවි ගැබ් වෙලාද
මේ හිස් වූ හිස් වල
[Manasick]
මේක හරිම සරළයි, උඹලා වසර 40ක් පරණයි
උබලා ඉතුරු කලේ අවසානෙට නවක වදේ අ.වි.ශි.බ.
කිව්වෙ නම් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලයයි
උබලා මග සළකුණු කලේ ධර්මපාලේ අමාලි මරලයි!
උසස් පෙළට වතුරෙ දාලා වතුසුදු
බීලා ජ'පුරට ගමෙන් ආවා ළහිරුලා ඇහිඳන් පිඟසිඬු
හොරට අහුලන් කෑවත් ක්‍රමයෙන් බොලා ඉජු ඉඳුල්
කඳුළු ගෑස් කසාවතට ගඩොල් කෑලි දෙසු සිඳු
එක ගිනිබත් වුණු හීනයක් මට
ඕයි මිනෝල් අර ඇහෙන්නෙ නිදහස් අධ්‍යාපනයේ ඉස්මුරුත්තා සිසු විලාපද?
හරයක්, ඵලයක් පෙන්වා ගමනක් යන්න එන්න කිව්වොත්
මුලාවකට මුවාවෙද, සුරා සත්තු සුරාසෙත
වටා ලිප්ටන් වටා රවුමෙන් කඳුළෙන් තෙමෙ සුමානෙට
පෙළපොත් තවමත් දැක නෑ හොවාහැට
සිසිර වෙනුවෙන් කිත්සිරි සටනත් එක්කලා සුසානෙට
ළහිරු මහින් නමින් නම් කල අමුණන් තෙබ තුවාලෙට
නිදහස් අධ්‍යාපනෙ පහසුකම් නැතත් පාස් වූ
දහම් පාසල් යයි ඕනෙ නම් ඌට ටියුෂන් ක්ලාස්ලූ
උගේ මව පියාණන් ගෙවන්නෙ ගාස්තු
උබෙ පිකටින් පිටට තට්ටු කරලා ඌ පෙන්නයි වැඩි උගෙ මාක්ස් ඌ
උසස් පෙළ තෙක් ඉගෙන ගත්තුවා ප්‍රායෝගිකත් නෑ
අපි උසස් තැනට ගෙනෙන දැනුම කාලෝචිතත් නෑ
කොටින්ම පුංචි පහේ පොඩි එකෙක්ගෙ සාමාන්‍යවත් නෑ
දැනුම ග්‍රන්ථාරූඪ උන එකෙක්ට තානාන්තර නෑ
ඇලපිලි ඉස්පිලි විද්‍යා ගණිතෙට බයෙ හව්හරනෙක
සිසුවෙක් විශයක් තෝරාගත යුත්තේ බහුවරණෙක
නිදහස් උනත් කොන්දේසියක් ක්‍රමයෙන් දුන්නෙ බලකරනෙක
ඔය විරෝධ මැතිවරණයක් පළකරන එක
තණ කන ගවයෙක්,
පොත පත කන්නෙ නෙව කවයෙක්
පොඩි රූල් පොතක කොටු කරාම හරි යනවද ළමයෙක්
අන්තරෙ එකෙක් අරන් දෙනවා මම වමේ කනට දකුණෙන් ප්‍රසූතිය දෙන්න උබ වගෙ නැති
නෙව ළමයෙක්
[Samith Gomes]
අධ්‍යාපනික නිදහස ලැබ ගිහිල්ලා ජ'පුර
කඹුර කඹුර දේශපාලන කල්ලි කුරුමාණම පඳුර
විදින්නෙ මැරෙන්නෙ හාවා, තොපි දෙන්නෙ තරුණයින්ව පාවා
බලන් ඉගෙන ගනින්, තොපිට වඩා හොඳයි අන්න අරෙහෙ වන්නිකැලෙන් අරුන් ආවා
අච්චර ප්‍රශ්න තියෙයි රටෙ මතක නැද්ද සයිටමේ ලොකු, විලාපේ
නොකා නොබී උපවාස කරා දැක්කා ඉරාගෙන් බොකු, විලාපේ
අහගෙන ඉඳලා හති, හොයාගන්න බෑ ගිය පැති
උපාධිය රෙඩි, දැන් ශරියා හොඳම හරිය වෙනකන් නිදාගත් හොඳම..
ඌ පෙළ ගැසූ, සිසුන් මේ බිමේ විසූ, නිකරුනෙ අතරමං කර කාලෙ කමින් යන හුරුකර
දණගැසූ
යොදාගත්තා නම් කාලය කරකවා,
සරසවි පෙම තුල සරසවා
මොළෙත් කලතවා, කාටත් හඬකවා
ඈ සවන් දේවි උබෙන් බණ පවා
[Hiyum - Loco]
මේක හන්තානෙ කථාව
සිත සර්පයින්ගෙ විමාන
ප්රොටෝකුරුස්ගෙ රටාව
වෙද නලාව කලාව
වෙනස් කලාද කවදාවත්
උපතින් ආ ඒ සතාව
සරසවි ගැබ් වෙලාද
මේ හිස් වූ හිස් වල
Lyrics - Hasanka Wickramarathna (MANASICK) X Minol Witharana X
Samith Gomes X Hiyum harshana Rattambige(LOCO)
0 Comments